“අපි හැමදාම කිව්වේ එක දෙයයි. මේ මිනිස්සු නිරපරාදේ මරාදමන්නට හේතු වුණ හේතු අපිට දැනගන්නට ඕනේ. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපිට දෙන තෑග්ගක් නෙමේ. ඒ නිසා අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මේ රටේ නායකයන්ගෙන්, කරුණාකරලා පාස්කු ප්රහාරය පිටුපස්සේ තියෙන සම්පුර්ණ කතාව හෙළිදරව් කරන්න” යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
මෙය රටේ නායකයින් සමඟ ආරවුලක් ඇතිකර ගැනීමට හදන අරගලයක් නොවන බවද උන්වහන්සේ කියා සිටියහ.
“අපි හැමදාම කිව්වේ එක දෙයයි. මේ මිනිස්සු නිරපරාදේ මරාදමන්නට හේතු වුණ හේතු අපිට දැනගන්නට ඕනේ. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපිට දෙන තෑග්ගක් නෙමේ. ඒ නිසා අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මේ රටේ නායකයන්ගෙන්, පාස්කු ප්රහාරය පිටුපස්සේ තියෙන සම්පුර්ණ කතාව හෙළිදරව් කරන්නට කටයුතු කරන්න කරුණා කරලා.අන්න ඒක අපි මතක් කරලා දෙන්න කැමතියි, මේ රටේ නායකයාට, නායකයින්ට. අපි ආරවුල් ඇති කරගන්න කරන අරගලයක් නෙමෙයි. අපිට ඕනේ යුක්තිය ඉෂ්ඨ වෙනවා දකින්න. අපි එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩාක් මුදල් දෙන්න කියලා.අරවා මේවා හදලා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉෂ්ට කරන්න.” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කළහ.