Saturday, September 21, 2024

“අපි නුඹලාගේ වහල්ලුද ?” පාකිස්තාන අගමැති යුරෝපයෙන් අසයි !

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකින ලෙස පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගත් බටහිර රටවල නියෝජිතයන් පිරිසක් කළ බලපෑම පිළිබඳ අගමැති ඉම්රාන් ඛාන් කෝපයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට ඉදිරිපත් කර ඇති යෝජනාවට සහාය පළ කරමින් රුසියාව හෙළා දකින ලෙස යුරෝපා සංගමය ඇතුළුව රටවල් 22ක නියෝජිතයන් පිරිසක් අගමැති ඉම්රාන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති බව කියැවේ.

පසුගිය දා ඉස්ලාමාබාද් නුවර පැවැති රැස්වීමකදී මේ පිළිබඳ අදහස් දැක්වූ පාකිස්තාන අගමැතිවරයා, ‘ඔබලා ඉල්ලා සිටින සියල්ල ඉටු කිරීමට අප ඔබලාගේ වහල්ලුදැයි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බටහිර රටවල් පාකිස්තානයට සහ ඉන්දියාවට දෙයාකාරයෙන් සලකන බව අවධාරණය කළ අගමැතිවරයා මෙවැනි ලිපියක් ඉන්දියාවට ඉදිරිපත් කළේද යන්න පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිතයන්ගෙන් විමසා තිබේ.
අප රුසියාව සමඟ මිත්‍රශීලියි. එමෙන්ම අප ඇමරිකාව සමඟත් මිත්‍රශීලියි. අප චීනය සමඟත්, යුරෝපය සමඟත් මිත්‍රශීලීයි. අප කිසිදු කඳවුරකට සම්බන්ධ නෑ’ යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles