අපි වරදක් කළා නම් ඇමති ධූරවලින් ඉවත් කරන්න – ගමිමන්පිල ජනපතිට කියයි

0
320

අපි වරදක් කළා කියලා ජනාධිපති තීරණය කරනවා නම් ජනාධිපතිට පුළුවන් අපිව අස්කරන්න’ අපිව ඉවත් කිරීමේ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අමාත්‍යවරුන් අධිකරණයට ගිහිල්ල තිියෙන්නේ’ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව රටට දෙයක් කියනවා වෙනුවට දෙකට බෙදිලා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ලෝක ඉතිහාසයේ වෙලා නැහැ’ ඒක සාමුහික වගකීම කඩකිරීමක් බව ඇත්ත’ අපි බැලූවේ සාමුහික වගකීමද ලොකු හෘද සාක්ෂියද කියන එකයි’’ යැයි බල ශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය’

ඒ මහතා මෙම අදහස් පළකළේ රජයේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන ‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන හංවැල්ල නගරයේ ආරම්භක උත්සවය සඳහා පැවති සමීක්ෂණ චාරිකාවේදී යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි’ එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය’

අනෙක් පැත්තෙන් නීතිපතිතුමා ආණ්ඩුවේ නිලධාරියෙක්’ දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරල කියනවා මෙවැනි අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා සම්මත කරල විධිමත් තීන්දුවක් ගත්ත කියලා’ විමල් ඇමැතිතුමා” වාසුදේව ඇමැතිතුමා සහ මම ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශයේ කියන දේ ඇත්ත නම් නීතිපතිතුමා ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශයේ තියෙන්නේ බොරු’ රටේ නීතිය අනුව දිවුරුම් ප‍්‍රකාශය බොරුවක් කිව්වොත් වසර තුනක සිර ද`ඩුවමක් නියමිතයි’ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕනෑ හිරේ දාන්නෙ අපිවද අනෙක් පාර්ශ්වයද කියලා’

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා” මේජර් ප‍්‍රදීප් උඳුගොඩ” පොදුජන පෙරමුණ අවිස්සාවේල්ල සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ” සීතාවක ප‍්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ යන මහත්වරු ද” ප‍්‍රදේශයේ ජනතා නියෝජිතයින් ඇතුඑ විශාල පිරිසක් ද සහභාගි වූහ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here