අපෙන් ඡන්ද ගත්තේ ඇමතිකම් දෙනව කියල! – රහීම්

0
478
තමන් හට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලැබීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා පවසයි.

ප්‍රශ්නය –
ඔබට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බව පසුගියදා ඔබ ප්‍රකාශ කළා. එහි දැන් තත්ත්වය මොකක්ද?

මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා,
අපි 20ට සහයෝගය දුන් අවස්ථාවේ අපිට ඇමති තනතුරු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු දෙනවා කියලා ආණ්ඩුව කිව්වා. අපි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සති දෙකකට කළින් තමයි පාර්ලිමේන්තුවට පැමිණියේ. ඔහු කිව්ව දේ ඉටු කරයි කියලා අපිට විශ්වාසය තියනවා. අපිට ඒ තනතුරු ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ආණ්ඩුව සමග එක්ව ගමන් කරනවා.

ප්‍රශ්නය –
රාජ්‍ය ඇමති තනතුරු ලැබීමට නියමිත අය ගැන ඔබ දන්නවාද?

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07දෙනෙක්, මුස්ලිම් කොංග්‍රසය සහ වෙනත් පක්ෂ හරහා 20ට සහය දුන්නා. අනිත් අයගේ ගිවිසුම් ගැන දන්නේ නැහැ. නමුත් මට දෙනවා කියලා ආණ්ඩුව කියලා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here