අපේම කලිසම උගේ වගේ ඇඳ මගේ වගේ යනවා – අකිල!

0
393

යහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට ප්‍රමිතියකින් තොර පරිගණක දී පිළිකා හදන්න උත්සාහ කරන බව කිව්වත් මේ ආණ්ඩුවෙන් දැන් ගෙන්වා ඇත්තේ ද යහපාලන ආණ්ඩුවෙන් ගෙන්වන්න හැදූ පරිගණක වර්ගයම බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පොත් කන්දක් ඔසවාගෙන යනු වෙනුවට ටැබ් පරිගණකය පමණක් ගෙන පාසල් යන දරු පරපුරක් නිර්මාණය කරන්නට උත්සාහ කළ නමුත් උදය ගම්මන්පිල වැනි අයගේ ප්‍රකාශ නිසා එය වැළකී ගිය බව කී කාරියවසම් මහතා අද එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ අහිංසක දරු පරපුර බවද සඳහන් කළේය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here