අපේ කාලේ වගේ නෙමෙයි අද මහ බැංකුව හිස් වෙලා – රනිල්

0
291

ජනතාවට රටේ අනාගතය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වී ගොස් ඇති බව එකසත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

“අපේ මුදල් යන්නේ පඩි ගෙවන්නයි ණය ගෙවන්නයි. විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙනවා 2030 – 35 වෙද්දි. ඒක බලාගෙන අපි වැඩ කරන්න ඕනේ.

“මේ රට ආනයනය පදනම් කරගත්ත ආර්ථිකයක ඉන්නේ. අපේ කර්මාන්තවලට උවමනා අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. කොහොම ද මේක නවත්වන්නේ. මැද පන්තියක් තියෙන සමාජයක්, හොඳ මුදල් තියෙන ගොවි මහතුන් ඉන්න සමාජයක්. ඒ සමාජයට ඕන බඩු දෙන්න.” යැයි ඔහු පවසයි.

මම කියන්නේ IMF එකට ගිහින් අරගන්න. මහ බැංකුවේ මුකුත් නෑ අද හිස්. මං හිතන්නේ බිලියන 2ක්වත් නෑ. අපි කොච්චර කථා කළත්. අර බංගලිදේශයෙන් අරගන්නවා සල්ලි ටිකක්, ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් ඉල්ල ගන්නවා එවා හරියන්නේ නෑ. බැංකුව ඔච්චර හොඳ නම් ඇයි හිටපු අධිපතිතුමා තියා ගත්තේ නැත්තේ….”

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ ක‍ළේ ය.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here