Saturday, September 21, 2024

අපේ තියෙන ලොකුම බය විදුලිය නැතිවීම

යුක්රේනයේ සාමාන්‍ය ජනතාවට තියෙන ලොකුම බය විදුලිය නැතිවීම සහ අන්තර්ජාලය වැඩ නොකිරීම බව යුක්රේන වාසී මාර්තා ෂෝකාලෝ (Marta Shokalo) පැවසූ බව BBC ය පවසනවා.

“එතකොට අපි ඇත්තටම හුදකලා වෙනවා. මම මගේ 10 හැවිරිදි පුතාවත් ලෑස්ති කරගෙන, ජනේලවලට හැකි තරම් ඈතින් වාඩිවෙලා උදේ ආහාරය ගත්තා. ඒත් ඔහු බිය වැඩිකමට වමනය කළා. ඉටිපන්දමකුයි, වතුරයි අරගෙන අපි අපේ බිම්ගෙට ගියා. තත්ත්වය තවත් නරක අතට හැරුණොත් අපේ රැකවරණය තියෙන්නේ එතන.

මගේ ගෙදර අසල සුපිරි වෙළඳසැල්වලින් පිටතත්, ATM යන්ත්‍රවලත් දිගු පෝලිම් තිබෙනවා. ඒවා බොහොමයක මුදල් අවසන් වෙලා. සමහර ඉන්ධන පිරවුම්හල් ද මේ වන විට තෙල් නැතුව වසා දමා තිබෙන්නේ. මුළු රටම ප්‍රහාරයට ලක්ව ඇති බව දැන් දන්නා නිසා භීතියක් ඇති වෙලා.

රුසියානු බෝම්බ ප්‍රහාරය රටේ සියලුම ප්‍රදේශවලට බලපා තිබෙනවා. පෝලන්ත දේශසීමාවට ආසන්න ලවීව්හි පවා අද උදෑසන සයිරන් නාද වුණා. මගේ යාළුවෙක්ට බෝම්බවලින් බේරෙන්න බංකරයක රැකවරණය ලබා ගන්නත් සිද්ධ වුණා.

තවත් යාළුවෙක් ගුවනින් එල්ල වන ප්‍රහාරවලින් ගැලවෙන්න හිතාගෙන ඔහුගේ පවුල කියෙව්වලින් පිටතට අරගෙන ගියා. නගරයට වඩා ගම්බද ප්‍රදේශ ආරක්ෂිත වෙන්න පුළුවන් වුණත්, උතුරෙන්, නැගෙනහිරෙන් සහ දකුණෙන් ප්‍රහාරයට ලක්වන රටක තවදුරටත් සැබෑ ආරක්ෂිත ස්ථානයක් ගැන හිතන්නවත් බැහැ” යි ඇය BBC යට කියා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles