අපේ පක්ෂ ලේසියෙන් මරන්න බෑ. දැන් මේ අය පක්ෂය විනාශ කරලා මොකද්ද සෙල්ලමක් කරන්න හදනවා. – චන්ද්‍රිකා

0
756

‘අපේ  පක්ෂයෙන්  නිත්‍යනුකූල  තීරණයක් අරන් නෑ පොහොට්ටුව සමඟ එක්වෙන්න. පක්ෂයේ  අනුශාසක වෙච්ච  මට තව වෙනකල්  කියලා නෑ. තව අය  ප්‍රධාන අය හිටියා  ඒ අයට කියලා නැහැ. මහින්ද රාජපක්ෂ දෙතුන් වතාවක් පක්ෂය විනාශ කරන්න හැදුවා ඒත් පක්ෂය බේරගත්තේ  අපි ‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය  පැවසූවාය.

කොළඹ  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය  සංවිධානය කළ ‘අපි ශ්‍රී ලංකා සමුළුව‘ විශේෂ සම්මන්ත්‍රණයේදී මේ බව කීවාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කීවාය.

‘අපේ පක්ෂ මේ රටේ තිබුණ අවංකම නියම පක්ෂය බව මම කියනවා. අපේ නායකවරු අවුරුදු 54 ක් තමන්ගේ දේවල් ජනතාව වෙනුවෙන් කැප වුණා මිස රටේ දේවල් දැහැගත්තේ නැහැ. ලේ හලලා ප්‍රජා අයිතිවාසිකම් රැක්කේ. 2005 පස්සේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් විනාශ වුණා. රාජ්‍ය පාලන තන්ත්‍රය හිතා මතා දූෂ්‍ය කරා.

ඒ අයගේ හොරකම් කතා කරන්නේ නෑ. කීප දෙනෙක් කරන්න ඇති සුළු වශයෙන් .මේ රටට අඩු තරමින් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂ දෙකක් ඕනි. එක පක්ෂයක් තියාගෙන රටක් ගොඩ නගන්න බෑ. අපේ පක්ෂ ලේසියෙන් මරන්න බෑ. දැන්  මේ අය පක්ෂය විනාශ කරලා මොකද්ද සෙල්ලමක් කරන්න හදනවා.

මේ රටේ තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට විරුද්ධ ගහ බැන ගන්න යුගයක්. එජාපය සන්ධානගත වුණේ නෑ කවදාවත් . අපි සන්ධානගත වුණා. දෙමළ මුස්ලිම් අය පක්ෂයට  ගත්තේ මම. එහෙම නැතුව මේ රට කරන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වෙන්න  කලින් නම් අපිට  හානි කළා. නමුත් අපි සන්ධානගත වුණාට පස්සේ නම් අපිට කිසිදු හානියක් වුණේ  නෑ  මේ අවුරුදු පහේදී. මම එක්සත් ජාතික පක්ෂය උස්සලා තියන්න උත්සාහ කරනවා  නෙවෙයි මේ තමයි ඇත්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here