අපොස උසස් පෙළ දරුවන් ට එළඹෙන සිකුරාදා ෆයිසර් එන්නත ලබාදෙයි

0
307

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එළඹෙන 15 වන සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසා සිටියේ, සියලුම සිසුදරු දැරියන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here