Wednesday, January 8, 2025

‘අබලි නැව වහාම ගැඹුරු මුහුදට ගෙනියන්න’ – ගෝඨාභය අණ දෙයි.

කොළඹ වරායට ආසන්න මුහුදේදී ආපදාවට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙනයාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ය.

නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත්තේ, ආපදාවට ලක් වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බවයි.

ඔවුන් පෙන්වා දුන්නේ එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බවයි.

ඒ අනුව ,තාක්ෂණික කරුණු පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙනයාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමා එහිදී පවසා ඇත්තේ, ගනු ලබන තීරණ තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බවයි.

එමෙන්ම කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව වැඩි දුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධව සිදුව ඇති විනාශය ගැන බොහෝ දෙනා, පරිසර සංවිධාන, විද්‍යාඥයින් සිය කණගාටුව පළකරන්නේ වෙරළ පද්ධතියට සිදුව ඇති හානිය පෙන්වා දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles