Monday, January 27, 2025

අභ්‍යන්තර අර්බුද හමුවේ රජය හදිසි මහමැතිවරණයකට-විජයදාස සාධකය තීරණාත්මකයි

අද වන විට රටේ දේශපාලන තත්ත්වය අතිශය ව්‍යාකූල වී තිබේ. ජනතාව බදු බරෙන් හා ජීවන වියදමින් හෙම්බත්වී සිටිති. හෙට කුමක්‌ වේවිදැයි සැවොම විමසතත් ඒ පිළිබඳව අනාවැකි පැවසීමට අසීරු වන තරමට රටේ තත්ත්වය ව්‍යාකූල වී තිබේ. ආණ්‌ඩුව තුළ ඇති අභ්‍යන්තර අර්බුදය උත්සන්න වන අතරේ එජාපය මේ වන විට හදිසි මහා මැතිවරණයකට සූදනම් වන බව පෙනේ. අන්තර්ජාල සේවා මත පනවා තිබූ සියයට දහයක බද්ද සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉවත් කර තිබේ. මීට අමතරව සිලින්ඩර ධාරිතාව 150 වඩා අඩු මෝටර්සයිකල් සඳහා බද්ද සියයට අනූවකින් අඩුකර තිබේ. මීට අමතරව කුඩා ප්‍රමාණයේ ට්‍රක්‌ රථ සහ සිංගල් කැබ් රථ සඳහා බදු ද රුපියල් ලක්‌ෂ තුනකින් අඩුකර තිබේ. මේ බදු අඩුකිරීම අනුව පෙනී යන්නේ රජය මහමැතිවරණයකට යැම ස්‌ථිර බවය.

මේ අතර ආණ්‌ඩුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනෙක්‌ම විපක්‌ෂයේ අසුන් ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ ජ්‍යෙdතිෂවේදීන් හමුවී ඒ සඳහා නැකත් පවා ලබාගෙන තිබේ.

මේ අතර පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ දිගින් දිගටම ආණ්‌ඩුව විසින් කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණය කොමිසමේ අප්‍රසාදය ද රජයට මේ වන විට දන්වා තිබේ.

බැඳුම්කර කොමිසමෙන් හෙළිදරව් වූ කාරණා නිසා ඉල්ලා අස්‌වූ රවි කරුණානායකගේ විදේශ කටයුතු ඇමැති ධුරයට තිලක්‌ මාරපන ඇමැතිවරයා පත්කර තිබේ. රවි විදේශ ඇමැති ලෙස කටයුතු කරද්දී ඔහු යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්‌ඩලය හා සංවර්ධන ලොතරැයිය යළිත් මුදල් අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ. කෙසේ වෙතත් රවි විසින් පත්කර තිබූ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‌ෂ මණ්‌ඩල ඒ ආකාරයෙන්ම දිගටම ක්‍රියාත්මක වේ.

රවි කරුණානායකගේ ඉල්ලා අස්‌වීම මත බැඳුම්කර මගඩිය අවසන් නොවේ. ඊට සම්බන්ධ ඇමැතිවරුන් ඇතුළු සෙසු පිරිස ඉදිරියේදී කොමිසම වෙත කැඳවිය යුතුව තිබේ. විශේෂයෙන්ම ඒ අවස්‌ථාවේ මහබැංකුව පැවතියේ රවි කරුණානායක යටතේ නොවේ. සිංගප්පූරු ජාතිකයකු වූ අර්ජුන මහේන්ද්‍රන් අදාළ තනතුර සඳහා පත්කළ අවස්‌ථාවේ සිටම ඊට එරෙහිව විරෝධතා එල්ල විය. මේ නිසා බැඳුම්කර මගඩියේ සැබෑ හොරු තවදුරටත් ඉදිරියේදී හෙළිදරව් වනු ඇත. මේ අතර දූෂණ විරෝධී පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළේ රවි කරුණානායකගේ කට උත්තරය අනුව හෙළි වූ කාරණා මත තවත් අයගෙන් ප්‍රශ්න කළ යුතු බවය.

අනෙක්‌ අතට වර්තමාන ආණ්‌ඩුවේ සමස්‌ත ඇමැති මණ්‌ඩලයට මේ චෝදනාවෙන් ගැලවිය නොහැක. එදා අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ සිට ඒ සියලු කාරණා අනුමත කරමින් සිටි ඇතැම් ඇමැතිවරු ආණ්‌ඩුව තුළ හිඳිමින් මේ බැඳුම්කර මගඩියට විරුද්ධව පුවත්පත් සාකච්ඡා පවත්වති. එදා ඒවා අනුමත කර දැන් සුදනන් විය නොහැක. අනෙක්‌ කරුණ නම් මේ තරම් දූෂණයට විරුද්ධ නම් මේ ඇමැතිවරුන් කළ යුත්තේ දූෂිතයන් හොරුන් සමඟ සිටිය නොහැකි නම් ඇමැති තනතුරෙන් හා ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වී අදාළ පරීක්‌ෂණ නිසි පරිදි සිදුකරන්නට ආණ්‌ඩුවට බලපෑම් කිරීමය. එසේ නොකොට ඇමැති තනතුරුවල සිටිමින් ඒවායේ සියලු වරප්‍රසාද භුක්‌ති විඳිමින් මේ ආකාරයට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් සිදු කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමකි.

ජනතා විමුක්‌ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක්‌ භාවිත කොට 2020 දී මැතිවරණයට මුහුණදීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීන්දු කොට ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා හුංගම, බටඅත පැවැති ජනහමුවකදී පවසා තිබේ.

2020 දී රටේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා මේ රට තුළ දැවැන්තම බලවේගයක්‌ ගොඩනඟා ඒ සඳහා සීනුව ලකුණ වෙනස්‌කොට පොදු ලකුණක්‌ භාවිත කරන බවත් ඔහු පවසා තිබේ.

දැන් රට දැඩි ප්‍රපාතයක ඇති බවත්, මේ රට මේ පාලකයන්ට ගොඩගැනීමට නොහැකි බව නැවත නැවත පෙන්නුම් කරමින් තිබෙන බවත්, වසර හැත්තෑවක්‌ පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගිය බවත් මේ රට මේ ආකාරයට තව දුරටත් යා යුතු නැති බවත් මේ රට ගොඩනැඟීම සඳහා රටට ආදරේ කරන විවිධ බුද්ධිමතුන් සමඟ සංවාදයක නියෑලෙමින් සිටින අතර ලබන වසර තුළ මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගය ගොඩනඟන බවත් හෙතෙම එහිදී පවසා තිබේ.

ඒ ගොඩනැඟීම තුළින් මේ පාලකයන් වසර හැත්තෑවක්‌ පුරා විනාශ කරන ලද රට ගොඩනඟා මේ රටේ තැලෙන පොඩි වෙන ජනතාවට නිදහස්‌ රටක්‌ ගොඩනඟන්නට කටයුතු කරන බව ද සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ජනතා විමුක්‌ති පෙරමුණ මේ ක්‍රියාමාර්ගය තුළින් විපක්‌ෂය කොටස්‌වලට කැඩුණහොත් එහි වාසිය හිමිවන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයටය. විපක්‌ෂයේ කොටස්‌ සියල්ල එක්‌ව සන්ධානයක්‌ හදනවා වෙනුවට මෙසේ වෙන වෙනම සන්ධාන හදන්නට ගිය විට සිදුවන්නේ ඡන්ද බෙදී ගොස්‌ විපක්‌ෂය නන්නත්තාර වීමය.

විජයදාස රාජපක්‌ෂ මහතා පසුගිය දිනවල හම්බන්තොට වරාය විකිණීම ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහු අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට සාකච්ඡා කිරීමට සාකච්ඡා ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් මේ අවස්‌ථාවේ ඔහුගේ ප්‍රකාශ නිසා ජනතාව තුළ ඔහු වීරයකු වී සිටී. එසේම මහා සංඝරත්නය ඔහු වෙනුවෙන් සටන ආරම්භ කර තිබේ. යම් ලෙසකින් ඔහු ඉවත් කළහොත් එය ආණ්‌ඩුව හා මහා සංඝරත්නය අතර දැවැන්ත විරසකයකට මුල් වනු ඇත.

කෙසේ වෙතත් ඇමැතිවරයාට විරුද්ධව ගෙන එන බව කියූ විශ්වාසභංග යෝජනාව ගෙන නොඑන බව සඳහන්ය. ආණ්‌ඩුව විසින් ආණ්‌ඩුවේම ඇමැතිවරයකුට විශ්වාස භංගයක්‌ ගෙන ඒමෙන් අර්බුද ගණනාවක්‌ පැන නැඟිය හැකි නිසා මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සිදු නොකරන බව සඳහන්ය.

මේ අතර ආණ්‌ඩුවේ සිටින ෙද්‍රdaහියා ඇමැති විජයදාස රාජපක්‌ෂ බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක්‌ ගෙන ඒමට තිබුණේ මීට බොහෝ කලින් බව ඇමැති සරත් ෙµdන්සේකා මහතා පසුගියදා පවසා තිබේ. සරත් ෙµdන්සේකාගේ ජනපදනම හා විජයදාස රාජපක්‌ෂගේ ජනපදනම අහසට පොළොව මෙන් නිසා මේ ප්‍රකාශ පිළිබඳ එතරම් සැලකිලිමත් විය යුතු නැත.

මේ අතර ඊයේ (17 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැති බව කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් පවසා තිබේ. විජයදාස රාජපක්‌ෂ මහතා සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීමේ බලය කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පවරා තිබේ.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි පසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේ යෑයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා මෙහිදී විවේචනයට ලක්‌වී තිබේ. මෙහිදී විජයදාස රාජපක්‌ෂ මහතා කියා ඇත්තේ තමා කිසිදු වරදක්‌ කර නැති බවයි.

දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක්‌ නැති බව විජයදාස රාජපක්‌ෂ මහතා කීව ද එහිදී එය කිසිවකු පිළිගෙන නැත.

හම්බන්තොට ගිවිසුම අවසන් කරන තුරු ආපසු නොහැරෙන බවට ප්‍රකාශයක්‌ තමා නොකළ බව ද විජයදාස රාජපක්‌ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්ය. සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවට එජාප මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

රැස්‌වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා පමණක්‌ වැඩිදුර සාකච්ඡාවක්‌ සඳහා වෙනත් ස්‌ථානයකට ගොස්‌ තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නැවත වරක්‌ නොසන්සුන්තාවක්‌ හටගනිමින් පවතිද්දී හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදාවේ නොසතුට පළවී තිබේ. උතුරු නැගෙනහිර ඡන්ද ගැන නොසිතා ආරක්‌ෂාව තර කිරීම රජය සතු වගකීමක්‌ මෙන්ම යුතුකමක්‌ ද වන්නේය.

2017 වසරේ මේ දක්‌වා ඩෙංගු රෝගීන් 132488 ක්‌ වාර්තා වී ඇත. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර යන දිස්‌ත්‍රික්‌ක වලින් රෝගීන් බහුල වශයෙන් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් ඩෙංගු මරණ සම්බධයෙන් මාධ්‍ය ඔස්‌සේ වාර්තා නොකිරීමේ මෙහෙයුමක්‌ ආරම්භ වී තිබේ. රජයක්‌ හා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඩෙංගු රෝගය පාලනය කිරීමෙහිලා මුළුමනින්ම අසාර්ථක වී තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඖෂධ මිල අඩුකර තිබුණ ද විවිධ ඖෂධ හා විටමින් වර්ග රැසක මිල ඖෂධ සමාගම් විසින් පසුගිය දිනවල සියයට විස්‌සත් තිහත් අතර ප්‍රමාණවලින් වැඩිකර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම පියවර ගෙන වැඩිකළ ඖෂධ මිල අඩුකළ යුතුව තිබේ.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර විසින් පොලිස්‌ මූලස්‌ථානයේ සුළු සේවකයකුට පහර දුන් බවට චෝදනා නැඟී තිබේ. ඒ සම්බන්ධ වීඩියෝ පටියක්‌ ද මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.

මේ අතර ආණ්‌ඩුව ආනයනික සීනි සඳහා බදු රුපියල් දහයකින් වැඩිකර තිබේ. මීට පෙර ද සීනි බදු වැඩිකරමින් ආණ්‌ඩුව පැවසුවේ එම නිසා සීනි මිල ඉහළ නොයන බවය. එසේ වුව ද සීනි මිල ඊට සාපේක්‌ෂව ඉහළ ගිය අතර මෙවරද එය යළිත් සිදුවනු ඇත. මේ අතර ආණ්‌ඩුව හාල් සඳහා වූ උපරිම සිල්ලර මිල ගණන් ඉවත් කර තිබේ. හාල් මිල ජනතාවට දරා ගන්නට අසීරු ලෙස ඉහළ යමින් පවතින අතර සහල් මිල මේ වන විට තීරණය වන්නේ වෙළෙඳුන්ගේ අභිමතය පරිදිය. මුරුංගා මිල කිලෝව රුපියල් හත තෙක්‌ පහළ යැම නිසා ගොවීන් අසරණ වී සිටිති. ඒ මිල පහළ යැමේ වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැත. මේ නිසා ආණ්‌ඩුව මැදිහත්වී ගොවියා ද පාරිභෝගිකයා ද රැකෙන ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුව තිබේ.(අජ )

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles