අභිරහස් නෞකාවක් අත්අඩංගුවට

0
545

ශ්‍රිලංකා රේගු නිලධාරින්ගේ ඉල්ලීමක් පරිදි ශ්‍රි ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සැක කටයුතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අළුයම ගාල්ලට නාවික සැතපුම් 7. 5 ක් එපිටින් වු මුහුදු සිමාවේදී අත්අඩංගුවට ගන්නා ලදි.

කොළඹ වරායේ නෞකා නැංගුරම්ලන ප්‍රදේශයේදී මෙම නෞකාව ශ්‍රි ලංකා රේගු නිලධාරින් විසින් අනන්‍යතාවය පරික්ෂා කිරිමේ දී සැකකරුවන් පලා ගොස් ඇති අතර, පසුව ශ්‍රි ලංකා රේගු නිලධාරින් විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය ලබා දෙන මෙන් ඉල්ලා සිටින ලදි.

එහිදි නාවික හමුදා වේග ප්‍රහාරක යත්‍රා දෙකක් මගින් ශ්‍රි ලංකා වෙරළාරක්ෂක බලක‍යේ සහ ශ්‍රි ලංකා රේගු නිළධාරින්ගේ සහය ඇතිව නෞකාව ගාල්ල මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගන්නා ලදි.

ශ්‍රි ලංකා රේගු නිලධාරින් විසින් ‍නෞකාවේ කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, ඉදිරි කටයුතු සදහා නෞකාව ශ්‍රි ලංකා රේගු නිලධාරින් වෙත භාර දිමට කටයුතු කර ශ්‍රි ලංකා නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක අංශයේ නිලධාරින් නෞකාවෙන් පිටව යන ලදි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here