අම්බලන්ගොඩදී පාසල් සිසුවියක් දුම්රියට බිලි..

0
318

අම්බලන්ගොඩ, කරිත්තකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පාසල් සිසුවියක මියගොස් තිබේ.

අදාළ සිසුවිය පෞද්ගලික පංතියකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී කොළඹ, කොටුව සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් මියගොස් ඇත්තේ 16 හැවිරිදි අම්බලන්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.

අම්බලංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here