අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව විෂය පථයන් වෙනස් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ

0
548

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව විෂය පථයන් ගැසට් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි.

වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here