අමුතු ගමනක් ගිය මංගල යුවල

0
307

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට එම ප්‍රාන්තයේ පුද්ගලයින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගංවතුර තත්ත්වයත් සමග නාය යෑම් ඇතුළු විපත් රැසක් හේතුවෙන් මෙම ජිවිත හානි සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.කේරළ ප්‍රාන්තයට මුහුණ පෑමට සිදුව ඇති මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය හමුවේ වුව ද තරුණ යුවලකගේ විවාහ උත්සවයක් පැවැත්වූ ආකාරය ගැන එරට මෙන්ම විදෙස් මාධ්‍ය වල අවදානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ගංවතුර තත්ත්වය නිසා විවාහ මංගල්‍යය පැවැත්වෙන කෝවිල ආසන්නයට යෑමට නොහැකිව සිටි එම යුවල මංගල ඇඳුම් හැද සිටියදීම ආහාර පිසනු ලබන විශාල භාජනයක නංවා ගෙන කෝවිල වෙතට රැගෙන ගියේ ඒ අසල සිටි පිරිසකගේ ද උපකාරයෙන් යුක්තවයි.

කෙසේ වුවත් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් හින්දු චාරිත්‍රානුකූලව විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර මංගල්‍යයේ කටයුතු අවසන් වන විට කෝවිල ආසන්නයටම ගංවතුර තත්ත්වය බලපා තිබු බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here