අමු මිරිස් කිලෝව රුපියල් 1500.00 ට නගී

0
278

ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හි මේ දිනවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර අද දිනයේදී අමු මිරිස් කිලෝවක් රුපියල් 1500ක මිලකට අලෙවි කළ ආකාරයක් දක්නට ලැබිණි. එළවළු හිඟවීම මත මිල ගණන් ඉහළ ගොස් ඇති නමුත් මිල ගණන් හිතුමතේ පවත්වාගෙන යාමට වෙළඳුන් කටයුතු කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.

ඇතැම් වෙළඳුන් මිල ගණන් ප්‍රදර්ශනය නොකොට එළවළු අලෙවි කිරීමේ පසුබිමක මෙලෙස මිල ගණන් විවිධ මට්ටමින් පවත්වා ගෙන යාමට අවස්ථාව සැලසී ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙන අතර මේ සම්බන්ධයෙන් අදාල රාජ්‍ය ආයතනය ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පවසති.

මෙි අතර මාතලේ නගරයේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අමු මිරිස් ග්‍රෑම් 50ක් පමණක් මිලදී ගන්නා බව සඳහන්.

මේ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අමු මිරිස් ග්‍රෑම් 50ක් පමණක් මිලදී ගන්නා බව සඳහන්.

අමු මිරිස් වෙළෙඳපොළට ලැබීම පහළ යාම මෙසේ මිල වැඩි වීමට හේතුව වී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here