Sunday, September 22, 2024

අමෙරිකානුවන්ට හෙට සිට කොවිඩ් එන්නත

අමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හෙට සිට ජනතාවට ලබාදීමට නියමිතය.

පළමු එන්නත් මාත්‍රා මිලියන තුන මේ සති අන්තයේ ප්‍රාන්ත පුරා බෙදාහැරීමට කටයුතු කරන බව එරට වාර්තා සඳහන් කළේය.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද ඉදිරියේදීත් අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ පරතරය පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.

කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට එන්නතට ඇති හැකියාව සහ එන්නත කොපමණ කාලයක් සඳහා ආරක්ෂාව ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දැනට පවතින තොරතුරු සීමා සහිත බවත් එම ආයතනය පෙන්වාදෙයි.

ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවෙන් නව ආසාදිතයන් 220,298 දෙනෙකු හඳුනාගැණුණි.

එරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,309 කි.

මේ අතර අද දිනය වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 72,174,058ක් වන අතර, සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,612,962 ලෙස දැක්වේ.

පුද්ගලයින් 50,562,938ක ප්‍රමාණයක් ලොව පුරා කොවිඩ් ආසාදනයෙන් සුවය ලබා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles