අමෙරිකානු ඩොලරය ශීඝ්‍ර පිම්මක…

0
493

රජය වෙත ලැබුණු චීන ණය ආධාර හේතුවෙන් මීට දෙදිනකට පෙර රුපියල් 193ක් දක්වා පහත බැස තිබූ අමෙරිකානු ඩොලරයක වටිනාකම නැවත විශාල ලෙස ඉහළගොස් තිබෙනවා. අද දින දහවල් 12.00 වන විට පෞද්ගලික බැංකු සියල්ලගේම වෙබ් අඩවි වල එය රුපියල් 206.00 දක්වා අගයකට ඉහළ ගොස් තිබුණි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකු වෙබ් අඩවියේ එය රුපියල් 204.5 අගයක් සටහන් විය.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය පවසන්නේ තවමත් එය රු. 195.00 විකුණුම් අගයක් පවතින බවයි. ගූගල් විනිමය අනුපාත සටහනේ මෙය සදහන් වන්නේ රු. 190.00 අගයක්.

මෙවැනි විවිධ අගයන් ඩොලරය සදහා පෙන්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here