අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරය පිටුපස සිටින්නේ සෞදිය ද?

0
595

2001 සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයට සෞදි රජය සහාය වූ බවට චෝදනා ඇතුළත් පළමු වාර්තාව, එෆ්.බී.අයි සංවිධානය අද නිකුත් කළා.ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ විධායක නියෝගයකට අනූවයි.

සෞදි බලධාරීන් එම කුමන්ත්‍රණයට සහයෝගය දැක්වූ බව පෙන්වන ලියකියවිලි හෙළි නොකළහොත්, සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වන අනුස්මරණ උත්සව වලට නොපැමිණෙන බව, වින්දිතයින්ගේ ඥාතීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එෆ්.බී.අයි ආයතනය නිකුත් කළ එම වාර්තාව පිටු 16 කින් සමන්විතයි.

අල්කයිඩා ත්‍රස්තවාදීන් සහ සෞදි රජය අතර සබඳතා පැවති බව ඉන් අනාවරණය කර තිබෙනවා.එහෙත්, සෞදි රජය ඊට හවුල් වූ බව තහවුරු කෙරෙන සාක්ෂි ඊට ඇතුළත් කර නැහැ.

වොෂින්ටනයේ පිහිටි සෞදි තානාපති කාර්යාලය, වාර්තාවේ ඇතුළත් චෝදනා ප්‍රතික්ෂේප කළා.ඔවුන් පවසන්නේ පරීක්ෂණවල විනිවිදභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවයි.

colombotimes.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here