ඇමරිකාවට ගිය පාස්කු විරෝධය ලාංකිකයන් ජිනීවාවලටත් අරන් යයි

0
308

මෙරට සිදුවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, එහි මහමොළකරුවන් සොයන ලෙසත් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක් පැවැත්වීය.

මෙම විරෝධතාව සදහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ස්වාමින් වහන්සේලා ද වැඩම කර සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

පළමු විරෝධය ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැති අතර පසුව ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතාවක් ද සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකාවේ රැදී සිටියදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here