Saturday, January 4, 2025

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී ජිවිතක්ෂයට

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී මිය ගොස් තිබෙනවා . මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 84 කි

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනාවෛරසය හේතුවෙන් ඇතිවූ සංකූලතාවයකින් මරණයට පත්වූ බව ඔහුගේ ෆේස්බුක් පිටුව මගින් නිවේදනය කර තිබේ.

ඇමරිකාවේ වෙලාවෙන් සඳුදා උදෑසන ඔහුගේ මරණය සිදුව ඇත. මියයනවිට පවෙල් 84 වන වියෙහි පසුවිය.

2001 සිට 2005 දක්වා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ පවෙල් 2001 දී ඇෆ්ඝනිස්ථානය සහ 2003 දී ඉරාකය කරන ආක්‍රමණය අවස්ථාවල එම ධුරය දැරීය. ඔහු ඇමරිකාවේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම් ලෙස ඉතිහාසයට එක්වූයේ ය.

ඊට පෙර ඔහු එරට ආරක්ෂ අංශයේ ඉහළ තනතුරු හොබවා තිබිණි

1937 අප්‍රේල් 5 වනදා නිව් යෝර්ක් හිදී උපන් පවෙල් 1958-1993 සමයෙහි ඇමරිකානු යුධ හමුදාව වෙනුවෙන් සේවය කර තරු හතරේ ජෙනරාල්වරයකු ලෙස විශ්‍රාම ගත්තේය.

පවෙල්ගේ දෙමාපියන් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූවන් වන අතර ඔහු නිව්යෝක් නගරයේ සාමාන්‍ය පවුලක හැදීවැඩි ඇමරිකාවේ ඉහළතම නිල දැරීමට වරම් ලැබීය.

1958 වර්ෂයේදී දෙවනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා දිවිය ආරම්භ කළ ඔහු වියට්නාම යුද්ධය ගල්ෆ් යුද්ධය වැනි තීරණාත්මක යුද මෙහෙයුම් ගණනාවකට එක්වූ පළපුරුදු හමුදා නිලධාරියෙක්විය.

1987-89 සමයේ ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ 1989-93 සමයෙහි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී වූයේ ද පවෙල් ය. එහෙයින් 1991 පළමු ඉරාක ආක්‍රමණය අවස්ථාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ලෙස ඔහු කටයුතු කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles