අමෙරිකාව නන්දලාල් හමුවේ! IMF සාර්ථකයි….

0
338

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ පැතූ බව අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසුවාය.

එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගත හැකියාව ලැබෙතැයි ඇය කීවාය.

ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන විට සියලුම ණයහිමි පාර්ශ්වයන්ට එකසේ සැලකීම වැදගත් බවයි.

එසේම ඊට සම්බන්ධ වන සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව ඇය පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here