ඇමරිකා ජනපතිගේ ජනප්‍රියත්වය පහළට

0
291

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ජනප්‍රියත්වය තරමක් පහළගොස් තිබෙනවා.

නවතම මත විමසුම් කිහිපයකට අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අතර පරතරය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරණය පවත්වා වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

ආර්ථික අර්බුද හමුවේ ජෝ බයිඩ්න් මහතාගේ ජනප්‍රියත්වය පහළ යමින් පවතින බවයි එමගින් තහවුරු වී ඇත්තේ.

2024 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වීමේ සුදානමක් ඇති බවට හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉගි පළ කර ඇති අවස්ථාවක මෙම සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here