අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 76 ක ජයක්…

0
600

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 76ක ජයක් හිමිවිය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 303යි.

අයර්ලන්තය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී තරඟයට වරින් වර වර්ෂාවෙන් බාධා සිදුවිය.

ඒ අනූව  අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 47දී ලකුණු 293ක ඉලක්කයක් ලැබිණ.

එහෙත් අයර්ලන්ත පිල පන්දුවාර 40.4දී සියලුදෙනාව දැවී ලබාගත්තේ ලකුණු 216ක් පමණි.

ඒ අනූව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 76න් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here