අයර්ලන්ත තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

0
335
Dublin , Ireland - 16 June 2016; Seekuge Prasanna of Sri Lanka scores six runs off a delivery from Ireland's Boyd Rankin during the One Day International match between Ireland and Sri Lanka at Malahide Cricket Ground in Malahide, Dublin. (Photo By Seb Daly/Sportsfile via Getty Images)

( UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 377 ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 241ක් පමණි. ඒ අනුව දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් එක්දින තරගයද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තේය.

අයර්ලන්ත කණඩායමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ අැන්ඩි මැක්බ්‍රිරින් ලකුණු 79ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු හතරක් දවාගත්තේය.

සත්කාරක අයර්ලන්තය හා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 377ක් රැස්කමින් අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 378ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක හා කුසල් පෙරේර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දුවාර 26.2කිනි.

ධනුෂ්ක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවූයේ සිය දෙවැනි අර්ධ ශතකය ලබමිනි. පිතිකරණයේ උසස්වීමක් සහිතව ඉන් අනතුරුව පිටියට පිවිසි සීක්කුගේ ප්‍රසන්න කුසල් හා එක්වෙනිම් වේගවත් ඉනිමක් දියත් කළේය.

ඔහු පන්දු 46කදී ලකුණු 95ක් රැස්කළ අතර එය ඔහුගේ එක්දින දවියේ ඉහළම ලකුණු ප්‍රමාණය විය. කුසල් හා ප්‍රසන්න පන්දු 92 කදී කුණු 162ක් රැස් කළහ. කුසල් මෙම තරගයේදි සිය තෙවැනි එක්දින ශතකය රැස් කළ අතර එයට ලකුණු 135ක් ඇතුළත් වූ අතර එය ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණද වෙයි.

ප්‍රසන්නගේ දැවි යාමෙන් පන්දු 2කට පසුව කුසල්ද දැවී ගියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here