අයවැයදා ගැලරි දෙකක් විවෘත වෙයි

0
308

මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මාධ්‍ය ගැලරිය පමණක් විවෘත කිරිමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාව සඳහා විදේශීය තානාපතිවරුන් සහ විදේශීය නියෝජිතයන් පනස් දෙනකු පමණ සහභාගීවීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම විදේශීය නියෝජිතයන්ට අසුන් පැනවෙන්නේ කතානායක ගැලරියේය.

කොවිඩ් වසංගත තත්වය නිසා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට අසුන් පැනවීමට සිදුවන හෙයින් තානාපතිවරුන්ට සහ විදේශීය නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කතානායක ගැලරියේ ඉඩකඩ මදි වුවහොත් අමතර අසුන් පැනවීමට බලාපොරොත්තු වන බවද වේත්‍රධාරීවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here