Friday, September 20, 2024

අයවැයෙන් බදු සහන නැති නිසා වාහන මිල තවත් ඉහලට

මෙවර අය වැයෙන් ආනයන සහන කිසිවක් නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී වාහන මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත්, එය තවත් ඉහළයනු ඇති බවත් වාහන ආනයනකරුවන් සඳහන් කරති.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ඉදිරි කාල සීමාවේ වාහන මිල අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.

එමෙන්ම වාහන බදු සම්බන්ධයෙන් හෝ ආනයන සහන සම්බන්ධයෙන් කිසිඳු ලිහිල් කිරීමක් සිදු කර නැතැයිද ඔහු සඳහන් කරයි.

විදේශ මුදල් සංචිත ශක්තිමත් වනතුරු රජයට මේ සහන ලබාදීමේ හැකියාවක් නැති බව පෙනී ගොස් ඇතැයි ද ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

ජනතාව අපේක්ෂා කළ ආකාරයට වෙළෙඳපොළට වාහන අඩුමිලට ගෙන්වීමේ පහසුකම් මේ නිසා නැතිව ගිය බවද ඔහු සඳහන් කරයි.

විදේශ මුදල් සංචිත ඉහළ යන තුරු මෙරටට වාහන ගෙන්වීමේ හැකියාවක් නැති බව පෙනී යන බවද පවසන ඒ මහතා ජනතාව බලාපොරොත්තු වුණු ලෙස වාහන අඩු මිලට ලබාගැනීමේ හැකියාවක් නැතිව ගොස් ඇතැයිද සඳහන් කළේය.

පවතින තත්ත්වය මත වාහන මිල ඉහළ යාම තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පවසන ඔහු එම තත්ත්වය මත වාහන ව්‍යාපාරිකයන්ටත් පාරිභෝගිකයාටත් අවාසිදායක තත්ත්වයක් ඇති වනු ඇතැයිද කියා සිටී.

ඉදිරි කාලයේදී රජය විදේශ සංචිත ශක්තිමත් කිරීමට ගන්නා පියවර අනුව මේ දේවල් වෙනස්වීම පමණක් අපේක්ෂා කළ හැකි බවද ඔහු පැහැදිලි කර තිබේ.

ඒ අනුව මේ දක්වා වෙළෙඳපොළ තුළ වාහන මිල සම්බන්ධව පැවති අවිනිශ්චිත ඉහළයාම තවදුරටත් වර්ධනය විය හැකි යැයිද වාහන සේල් හිමියන්ට මෙන්ම පාරිභෝගිකයන්ට මේ නිසා අවාසිදායක තත්වයක් මතුව ඇතැයිද ඔහු පැහැදිලි කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles