අයවැයෙන් සහන දුන්නත් බස් දුවන්න බෑ.බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා – ගැමුණු විජේරත්න

0
513

වත්මන් තත්ත්වය අනුව ඉදිරියේදී බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙනවා.

මේවනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය හේතුවෙන් ඉන්ධන වියදම 50 %කින් පමණ වැඩි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

අයවැය මගින් පුද්ගලික බස්රථ කර්මාන්තය සඳහා සහන යෝජනා කළ ද සියල්ලට පෙර මාර්ග තදබදය නැති කිරීමට රජය අවදානය යොමු කළ යුතු බව සභාපතිවරයා මාධ්‍යය වෙබ් අඩවිය සමග සඳහන් කළා.

රජය විසින් ලබාදීමට යෝජිත සහනාධාරයෙන් එක් බස් රථයක් සඳහා රුපියල් 75,000ක් පමණ හිමිවන බව කී ඔහු බස්රථ 8000ක් අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව පෙන්වා දුන්නා.

පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම,කර්මාන්තයට අවශ්‍ය බස් නැවතුම්පොළවල් වැනි යටිතල පහසුකම් ඇති කිරීම සහ බස් කාලසටහන් යළි සැකසීම යන කරුණු සියල්ලටම පෙර සිදු කළ යුතු බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here