Saturday, September 21, 2024

අයවැය අතරතුර බෙන්තොට ප්‍රාදේශීය සභාවෙි මන්ත්‍රීවරැ දෙදෙනෙක් ගහගනිති

බෙන්තොට ප්‍රාදේශීය සභා අයවැය යෝජනා පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සභා රැස්වීමේදී කතා කරමින් යන අතර තුර එජාප මන්ත්‍රී මනුරංග සමරනායක හා සමගි ජන බලවේගයේ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර කලහකාරී තත්වයක් ඇතිවිය.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරයා සභාවට නොගැලපෙන වචන වලින්එජාප මන්ත්‍රී වරයාට බැන ඇදී වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී සභා රැස්වීම දැඩි ලෙස උණුසුම් විය.

විනාඩි කිහිපයක් සභාව ඝෝෂාකාරී තත්වයකට පත් වීමෙන් අනතුරුව සභාපති සරත් ආනන්ද මහතා සභාව යථා තත්ත්වයට පත් කරමින් කටයුතු කරන ලදී.

අනතුරුව සාමාන්‍ය පරිදි සභා රැස්වීම පැවැති අතර බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 8කින් පොදුජන පෙරමුණට බලය තිබෙන පාලක කණ්ඩායම් දිනාගන්නා ලදි .

– තුසිත කුමාර ද සිල්වා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles