Friday, October 18, 2024

අයවැය රහසක් එලියට

එළබෙන 2018 අයවැය හරහා, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. හෙතෙම ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමග පැවැති හමුවක දී මෙලෙස අදහස් දක්වන ලදී.
පසුගියදා (11) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී පැවති මෙම හමුවේ දී රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය මගින් පෞද්ගලික අංශය බලාත්මක කිරීම, දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරයා වෙත කරුණු දැක්වීය
පෞද්ගලික අංශය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක බැංකු ආයතනයක් වන අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය, 1956 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඇ.ඩො. බිලියන 1.3 දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි තිරසාර වර්ධනය වෙනුවෙන් මුල්‍ය සහ පුහුණු අවස්ථා සලසා දීම ද විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles