අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් STF අත්අඩංගුවට!

0
550

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය – පොල්වත්ත ප්‍රදේශයේ ඊයේ (29)  සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සමඟ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී සැකකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව එම මත්ද්‍රව්‍ය වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට තොරතුරු අනාවරණ වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බව හඳුනාගෙන ඇති මොහු පසුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

නිල ඇඳුමින් සැරසී සිටි මෙම පොලිස් නිලධාරියා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් පමණ සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here