අයිස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

0
724

පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

එහිදී සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 10ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here