අයිසිස් ක‍්‍රියා ගැන ශ‍්‍රී ලංකාවට බුද්ධි තොරතුරු ලබාදීමට රුසියාව තීරණය කරයි

0
313

අයිසිස් ත‍්‍රස්තවාදී කි‍්‍රයා සහ මුදල් හුවමාරුව ඇතුළු වෙනස් අන්තවාදී කි‍්‍රයාවලට අදාළ බුද්ධි තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබාදීමට රුසියාව තීරණයකර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධානි නිකෝලායි අතර පැවැති සාකච්ඡුාවේ මේ ගැන එකඟතාවයකට පැමිණ තිබේ.

රුසියානු බුද්ධි සේවාව සිරියාව තුර්කිය සහ ඉරානය යන රටවල අයිසිස් කි‍්‍රයාකාරකම් ගැන තොරතුරු රැුසක් එකතු කර තිබේ.

පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ ශ‍්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් පුහුණුවූ අයිසිස් අනුගාමිකයන් බව රුසියානු බුද්ධි සේවාව මුලින්ම හෙළිකර තිබුණි.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡුාවට රුසියානු බුද්ධි සේවාවේ නිලධාරියකුද සහභාගි වී ඇත.

ශ‍්‍රී ලංකාව මේ දක්වාම රුසියානු බුද්ධි සේවාවේ සහය ලබාගෙන නොතිබූ අතර රහස් පොලිසියද එම බුද්ධි සේවාවේ සහාය ඉල්ලා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here