Friday, September 20, 2024

අය-වැයෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිවක් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙවර අයවැයෙන් රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාමෙන්, ආදායම් අහිමි වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මෙවර අයවැය පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටි බවත් ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් වූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, තරුණයන්ගේ විරැකියාවට පියවර ගැනීම, රටට ආයෝජන ගෙන්වීම ඇතුළු කිසිදු වැඩපිළිවෙළක් මෙවර අයවැයේ සඳහන් නොවීම පිළිබඳ විපක්ෂය කනගාටු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආදායම බිලියන 500 කින් අඩුවී ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසුවත් එම ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ආණ්ඩුවේම වැරදි තීරණ බවත් ඔහු පැවසීය.

ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමෙන් රටට රුපියල් බිලියන පන්සියයක් අහිමි වූ බවත් කිරිඇල්ල මහතා කීවේය.

රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ කළත් එවැනි කිසිවක් මෙවර අයවැයෙන් නොතිබූ බවත් ඔහු පැවසීය.

ඒ වෙනුවට 2010 අයවැය ඉදිරිපත් කළ ඇතැම් කරුණු මෙවර අය වැයේදී සඳහන්ව තිබූ බවත් ඔහු කියා සිටියේය.

රටේ ගැටලු වලට විසදුම් නොමැති, ජනතාවට සහන නැති අයවැයක් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles