Friday, January 10, 2025

අරගලකරුවන්ට පොලිසියෙන් බාල්දියක්!

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය ඊයේ (09) පස්වරුවේ කටයුතු කළේය.‍ෙ
එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැණුනු බවට වාර්තා විය. එය සමාජ මාධ්‍ය වාර්තා කළේ ඉතා නින්දිත ලෙස සිදුවූ බවයි..

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් ඊයේ පස්වරු 5.45ට පමණ ගාලු මුවදොරට රැස් වුණි.

එහිදී සැමරුම ආරම්භ වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් අරගලකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

අනතුරුව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළේය.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ  විරෝධතා පාගමනක් පෙරේදා (08) මඩකලපුවේදී පැවැත්වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles