අරගලකරුවෝ පිරිසක් විපක්ෂනායක හමුවෙති.

0
647

ගාලුමුවදොර මහජන අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අරගලය නියෝජනය කරන පිරිස් සඳහන් කළේ, කුමන ආණ්ඩුවක් පත් වුවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.

එහිදී තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉදිරියටත් එය සිදු නොවන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here