අරගලයට ජනකගෙන් තල්ලුවක්!

0
1037

අද(18) දිනය සඳහා ප්‍රකාශික විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 30 දක්වා අඩුකර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ ජනක රත්නායක මහතා පවසයි.

එම කොමිසමේ ඊයේ දිනයේ ප්‍රකාශ කළේ, අද දිනයේ පැය 4 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බවය.

එලෙසම සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්‍තුව පවසයි.

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට සැලකියයුතු අන්දමින් වැසි වැටෙමින් තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here