අර්ජුන් මහේන්ද්‍රන් හෙට ශ්‍රී ලංකාවට

0
347

සිය සමීප මිතුරකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටව ගිය රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානි හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගී වූ විවාහ මංගල්‍ය පැවැතියේ ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවරය.

ඔක්තෝබර් මස 27 දින දිවයිනෙන් පිටව ගිය ශ්‍රී ලංකා මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සතියකට ආසන්න කාලයක් පිටරට ගත කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සකස් කළ මහ බැංකු බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දිනයක් තිබිය දී දිවයිනෙන් බැහැරව ගිය අර්ජුන් මහේන්ද්‍රන් මහතා මාධ්‍යයට කියා සිටියේ විවාහ මංගල්‍යයට සහභාගි වන බවට තමා ඊට සති හතරකට කලින් මිතුරාට තහවුරු කර තිබූ බවය.

විවාහ මංගල උත්සවයට සහභාගිවීමට අදාළ දිනවල දිවයිනෙන් බැහැරව යන බව තමන් කලින්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම්දුන් බව ද අර්ජුන් මහේන්ද්‍රන් මහතා කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here