අර්ථසාධක අරමුදලට රු. බිලියන 28 ක ඉහල ලාභයක්

0
242

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම ‌2021 වසර අවසාන වන විට රු. බිලියන 112 ක් ද ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. 

මෙම ආයෝජනයන් හි පිරිවැය රු. බිලියන 84 ක් වන අතර ඒ අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන හරහා සේවක අර්ථසාධක අරමුදල විසින් මෙතෙක් උපයා ඇති උපලබ්ධි නොවූ ලාභය රු. බිලියන 28 කි. 

මීට අමතරව 2021 වසර තුළ දී ප්‍රාග්ධන ලාභ, මුදල් ලාභාංශ හා කොටස් ලාභාංශ හරහා රු. බිලියන 4.7 ක ලාභයක් උපයා ගැනීමට ද අරමුදල සමත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here