රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු පැහැරගෙන යාමට අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු මැර පිරිසක් උත්සාහ කිරීම නිසා නේවාසිකාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වූ බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අනාවරණය කරයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද කරුණු පැහැදිලි කළේය.
මේ අතර අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළේ අරුන්දික ප්‍රනාන්දු මහතා රාජ්‍ය අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීම තුළින් සිද්ධිය යටගැසීමේ සූදානමක් පවතින බවටය.
රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පන්දම් රැගෙන ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරතවුණි.