අරුන්දික ඒකාබද්ධයට

0
353

පවතින රජය පෙරළා දැමීමට තමන් කටයුතු කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පසු ප්‍රථම වරට අද(17) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේ අසුන් ගනිමිනි.

එමෙන්ම තමන් ජනාධිපතිවරයා හා එක් වූයේ ඇමතිකමක් ඉල්ලා ගැනීමට නොවන බවත් ආරක්ෂාව සඳහා බවත් ඒ මහතා කියා සිටියේය.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මහා සංඝරත්නයට සිදුකරන අපහාසයන් පිළිබඳව කතෝලිකයෙක් ලෙස තමා කණගාටු වන බවයි.

මහා සංඝරත්නය මෙලෙස අපහාස විඳි ආණ්ඩුවක් කෙදිනකවත් නොතිබුණු  බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් හමුවේ  කතා කළ නිසා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් තමන් ඉවත් කළ බව ද අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here