Monday, September 23, 2024

අල්ලස් කොමිසම පැවරෑ නඩු 3 කින් ඇමති ජොන්ස්⁣ටන් නිදහස්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු නඩු 03කින් ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා.

සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඒ මහතා මෙලෙස නිදහස් කර තිබේ.

2010 වසරේ ලංකා සතොස සම්බන්ධව සිදුවූ සම්පත් අවභාවිතාවක් සහ අක්‍රමිකතාවක් හේතුවෙන් අදාල නඩු පැවරීම සිදුව තිබුණි.

2010 සිට 2014 දක්වා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් 2010 වසරේදී අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.

එහිදී අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රජයට රුපියල් මිලියන 40 ක් පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති අතර එම හේතුවෙන් අමාත්‍යවරයා සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු සඳහා නඩු පවරා තිබුණි

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles