අල්ලස් කොමිස‍ෙම් ප්‍රධානියා ගැන ජනපති තීන්දුව අද?

0
368

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ තීන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (18දා) ගැනීමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශගතව සිටින නිසා ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (17දා) මෙම ලිපිය බාරගෙන තිබෙන බවද වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17දා) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර, ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එය අද (18දා) දිනය තුළදී සිදුවිය හැකි බවටද වාර්තා වේ.
දිල්රුක්ෂි ඩයස් මහත්මිය ජනාධිපති නීතිඥවරියකද වන අතර, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය බාර ගැනීමට ප්‍රථම නීතිපති දෙපාර්තමේන්තුවේ කාලයක් සේවය කළාය.
එම දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරය දරා ඇති ඒ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන්නේ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් කොමිසම සහ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ සිදුකළ විවේචනාත්මක ප්‍රකාශය නිසා බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here