Friday, December 27, 2024

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුලියාපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ සැකකාර විශේෂඥ වෛද්‍යවරයාට ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඔහු ලබන මස 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්ය.

පෞද්ගලික රසායනාගාරයක් මඟින් නිකුත් කරන වෛද්‍ය වාර්තා පිළිගැනීම සඳහා රුපියල් 75,000ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බව අධිකරණයට දැනුම්දුන් අල්ලස් කොමිසම  සිද්ධියට අදාළව සොයා ගත් හඩපට 05ක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර ඇත.

මේ අතර එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පත් කර සිටි පෞද්ගලික රසායනාගාර තාක්ෂණ  ශිල්පියෙකු පිළිබඳ සිදු කළ පරීක්ෂණ අවසන්ව ඇති බව අල්ලස් කොමිස අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව එම සැකකරු රුපිල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට ද නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles