Monday, December 23, 2024

අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට

ඡන්ද දායකයන්ට අල්ලස් දී පසුගිය පළාත් පාලන මැතිවරණය ජයගත් අපේක්ෂකයෙකු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස මොණරාගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් බවයි නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සඳහන් කලේ.

මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා මෙම නඩු තීන්දුව ලබාදී තිබෙනවා.

පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිවයි එම නඩුව ගොනුකර තිබුණේ.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කළ අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ අතර ඊළගට වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇති බවයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් එසේ කලද ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇති බව ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.

මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකවීම හේතුවෙන් බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles