අලි කේස් එකෙන් හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ
නිදොස්කොට නිදහස්..

0
309

නීති විරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධව අධි චෝදනා එල්ලවී සිටි හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය ඊයේ (16) නියෝග කළේය.

නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර තිබුණි.විත්තිකරුවට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනාට නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා සම්බන්ධයෙන් විත්තියේ සාක්ෂි කැඳවා විභාගයක් කැඳවීමට තීරණය කළ විනිසුරුවරයා එම නඩුව ලබන ජනවාරි 21 වැනිදා කැඳවිමටද නියෝග කළේ ය.

මෙම නඩුවට අදාළව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, චන්ද්‍රරත්න බණ්ඩාර යටවර සහ වනජීවී නිලධාරීන් වන උපාලි පද්මසිරි සහ ප්‍රියංකා සංජීවනී යන සැකකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අදාළ අලි පැටවා ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා 25ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.

2016 වසරේ මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමත් සමඟ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ වැඩ තහනම් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here