අලි රොෂාන්ගේ හොර ඇතෙකු කතරගමින් අල්ලයි

0
700

වනයෙන් අල්ලා ගන්නා ලද අලි ඇතුන් ජාවාරම් කිරීමේ නිරතව සිටින අලි රොෂාන් නැමැත්තා විසින් මෙසේ අනවසරයෙන් අල්ලා ගන්නා ලද ඇතකු කතරගම මහ පෙරහර අවසානයේ වනජීවී භාරයට පති වී තිබේ.

වසර හයක් වයසැති මෙම ඇත් පැටියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවි නියෝගයක්ද ලබාගෙන ඇත.

සමාධි නම් මෙම ඇතින්න ව්‍යාජ ලේඛන මත අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ විරාජ් රොෂාන් විසින් හිමිකර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2014 අගෝස්තු 31 වැනිදා මෙම ඇතින්න රුපියල් පනස් ලක්ෂයක බැඳුම්කරයක් මත අලි රොෂාන්ට මුදා හැර ඇතැයිද පැවසේ.

එම ඇතින්න පින්නවල ඇත්අතුරු සෙවණට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here