අලි හිමිගෙන් බණ අසා අලින්ට දන් දුන් ඇමති සිටාණෝ

0
859

දයා සමූහ ව්‍යාපාරය විසින් එකොළොස්වන වරට ඉදිරිපත් කරන වෙසක් තොරණ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (21) දා  රාත්‍රී විවෘත කෙරිණි.

දයා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම තොරණේ දී මෙවර මහා ශීලව ජාතකය ප්‍රදර්ශනය කෙරුණි.
e692ccad-3393-49b6-80db-33001d00aae9
මේ අතර, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඊයේ පෙරවරුවේ කොළඹ ඇලන් මැතිණියාරාමයේ දී වෙසක් පෝ දින ආගමික කටයුතු සඳහා සහභාගී විය.

2cd391f6-b79a-44e9-be6d-dd7ed57f3772

එහිදී අමාත්‍යතුමා විහාරාධිකාරී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පැවැත්වූ ධර්මානුශාසනාවට ද සහභාගී විය.

දෙහිවල ශ්‍රී සුගත ධර්මායතනයේ දී වාර්ෂිකව අලින් වෙනුවෙන් පැවැත්වෙන දන්සල විවෘත කිරීම ද සිදු කෙරුණේ ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

අලි ඇතුන් වෙනුවෙන් කෘතගුණ පුදග ඛරමින් පැවැත්වෙන මෙම දන්සල සඳහා අලි ඇතුන් කිහිප දෙනෙකුම සහභාගී කරවා තිබුණු අතර මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here