Sunday, September 22, 2024

අලුත්ම වකුගඩු රෝග කාරකය

රජරට පුරා පැතිරෙන වකුගඩු අකරණීය රෝගයට බලපා ඇති රෝගකාරක වලට අමතරව ප්‍රධානතම රෝග කාරකය වශයෙන් “කුඹුරේ මඩවතුරේ දෙපා රදවාගෙන සිටීම” දැක්‌විය හැකි බව සිය පර්යේෂණ වලින් සනාථ වී ඇතැයි රජරට වකුගඩු අකරණ පර්යේෂණ කණ්‌ඩායමේ රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා සහ වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා අවධාරණය කරති.

පාදවල පවත්නා තුවාල, පැලීම්, සිරීම්, රෝමකූප ආශ්‍රිතව කුඹුරේ ජලයට මුහුව පවත්නා පළිබෝධනාශකවල විෂකාරකයන් ශරීරයට උරාගෙන රුධිරය සමඟ මුහුවී එක එල්ලේම වකුගඩු කරා ඇදීයන්නේ යෑයි පර්යේෂණ කණ්‌ඩායම සඳහන් කරයි. දැනට හඳුනාගෙන ඇති වකුගඩු රෝග කාරක මාර්ගවලට වඩා මෙය ප්‍රබල හේතුවක්‌ වී ඇතැයිද වකුගඩු අකරණය පටන්ගෙන ඉක්‌මනින් රෝගය උග්‍රවන අය අතර සිටින බහුතරය ගොවීන් බව පර්යේෂණවලදී පෙනී ගියේ යෑයි ඔවුහු සඳහන් කරති.

කුඹුරට බහින්න එපාය… කුඹුරු වැඩකරන්න එපාය.. යන අදහසක්‌ මෙයින් ගම්‍ය වන්නේ නැතැයි සඳහන් කරන පර්යේෂකයෝ අවධාරණය කරන්නේ කුඹුරුවලට කෘෂි රසායන ඉසීම වහාම අත්හිටුවිය යුතු බවයි. ග්ලයිපොසේට්‌ අජිනො මොටෝ, වැනි විෂ කාරක තහනම් කර ඇතත් මේවා වැඩිමුදල් ගෙවා හොර පාරෙන් ලබාගෙන තවමත් ගොවීන් භාවිත කරන්නේ යෑයි ඔවුහු සඳහන් කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles