Friday, November 15, 2024

අලුත් කොවිඩ් නීති. දින 14ක් ඉන්න ඕනි නෑ!

රෝහල්ගත කොට සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකු නම් ඔහුට පැවති රෝගී ලක්ෂණ වලින් සුව අතට හැරී ඇත්නම්, ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව රෝහලෙන් නිදහස් කිරිමට හැකිය.

එමෙන්ම නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයෙකු නම් එම රෝගියාට රෝග ලක්ෂණ සුව අතට හැරී ඇත්නනම් ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයෙන් මිදීමට හැකිය.

යම් ආසාදිතයෙකුට රෝග ලක්ෂණ නොමැතිව පැය 48ක කාලයක් උණ රෝගය ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දිය යුතුය.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගනු ලැබූ පුර්ණ ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන සිටින අයෙකු නම්, ඔවුන්ට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකිවේ.

නුමුත් සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයෙකුට යම් අයුරකින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතුය.

කොවිඩ් එක් එන්තක් ලබාගෙන සිටින හෝ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගැන ලැබුවොත් එම පුද්ගලයා දින 07ක නිරෝධායනයට ලක්වීමෙන් පසු සිදුකරනු ලබන රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයක ප්‍රතිපල මත නිරෝධායනයෙන් නිදහස් කළ හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles